2010.11.07- රිවිර – අහිමි වු අවස්ථා හා කැපවීමෙන් රට දියුණු කර ගත හැකි මග
2010 නොවැම්බර් 8 ප්‍රතිචාරයක් ලබාදෙන්න
නිදහස ලැබුන දා පටන් මහජනතාව මහත් අපේක්ෂා සහගතව බලා සිටියේය. ඔවුන්ට අවශ්ය1වූයේ සැනසිලිදායකට ජීවිතයක් ගතකිරීමයි. 1978 දක්වා මෙරට පැවතියේ සංවෘත ආර්ථික කරටා මයකි. දේශීයත්වය මත යැපෙමින් ආනයන හා අපනයන අතර සීමා පැවති මෙම කරනස මය අවසන් වූයේ විවෘත ආර්ථීකය හඳුන්වාදීමත් සමගය. කලින් කලට වාමාංශික හා දක්ෂිණාංශික අදහස් ඇති ආණ්ඩු බලයට පත් වූ අතර මෙම ආණ්ඩු විසින් අනුගමනය කළ පර්ෂ තිපත්ති එකිනෙකට වෙනස්ය. ආර්ථික පරන් තිපත්ති අතර වෙනස්කම් නව අත්හදා බැලීම් අවසානයේ දී රටට ඉතිරිවූයේ දුප්පත්කම හා ගැටුම් පමණකි. ගෙවුණ දශක හය ඇතුලත සියයට පහක පමණ සාමාන්යර පණ නල ගැට ගසා ගන්නා වර්ධනයක් විනා රටට අවශ්යත දියුණුව ලගා කරගන්නට අපොහොසත්විය.
ශරීධ ලංකාව නිදහස ලබන අවස්ථාවේ එකම ආර්ථීක පසුබිමක පසුවූ ආසියාවේ රටවල් මෙරටට වඩා ඉදිරියට ගොස් ආර්ථිකය හා සමාජ කරිථ යාකාරීත්වය අතින් ඉහල තැනෙකට පත් වූයේ ඇයි? මහජනතාව ඉල්ලා සිටින දේ දෙන ඒ හෙයින් ජනතාවගේ සහායෙන් බලය ලබා ගන්නා දේශපාලන පක්ෂ තට්ටුමාරුව මෙයට වගකිව යුතුය. පැවති හැම ආණ්ඩුවක්ම මහජනතාවට පොරොන්දු ඉදිරිපත් කළේය. දේශපාලනඥයන් තම ඡුන්ද පදනම වැඩි කරගත්තේ පොරොන්දු විසි කරමිනි. මේ ඇතැම් පොරොන්දු ඉටු කළ හැකි ඒවා නොවේ. ඉටු කළ හැකි පොරොන්දු වෙනුවෙන් වන්දි ගෙවුවේ මහජනතාවමය. නොමිලේ හාල්, නොමිලේ බෙහෙත් හා නොමිලේ අධ්යා්පනය යනුවෙන් පොරොන්දු පරාං කාශයට පත් කිරීම පහසු එකකි. ඒවාට ආකර්ශනය වන වැසියෝ ජන්දය දී දේශපාලනඥයන් ද, දේශපාලන පක්ෂ ද බලයට පත් කරති. බලය ලබා ගන්නා දේශපාලනඥයන් මේ ජන්ද පොරොන්දු ඉටු කරන්නේ මහජන මුදලින්ය. ආණ්ඩු මුදල් උපයා ගන්නේ බදු ආදායමින් වන අතර ඒ බදු වැය කළ යුත්තේ මහජනතාවට සුබ සෙත සලසන අතර නිෂ්පාදනය නැංවෙන ව්යාඒපෘති වෙනුවෙන්ය. ආයෝජනයක් නැතිනම් ආදායමක් නොලැබේ. එදා සිට මේ දක්වාම ආණ්ඩු කළේ මහජනතාවට සහන දෙන බව පෙන්වමින් තමන්ට ලැබෙන ආදායම සහනාධාර වෙනුවෙන් වැය කිරීමය. මේ නිසා ආයෝජනයට මුදල් නැති, එපමණක් නොවේ ආදායම නැති හෙයින් දිගින් දිගටම ණය ගන්නා ආණ්ඩු මෙරට පාලනය කළේය.
ආදායම් නැති, අලූත් ආයෝජනයක් කරන්නට වත්කමක් නැති ආණ්ඩු අලූතින් රැකියා වෙළඳ පොළට පරරී වේශ වන තරුණන්ට රැකියා සපයන්නේ කෙසේද? වැඩ කරන ජනතාව වැඩි වැටුප් ඉල්ලන විට එයට උත්තර දෙන්නේ කෙසේද? කෘෂිකර්මය, මංමාවත්, පාසල්, ගමනාගමන හා රෝහල් පර්ත ශ්න උද්ගතවන විට විසඳුම් දෙන්නේ කෙසේද? තමන්ගේ පරූත ශ්න නොවිසඳන ආණ්ඩු බලයට පත්කිරීමෙන් හා යළි පළවා හැරීමෙන් වඩා තෙහෙට්ටු වූ ආවේගශීලී තරුණයෝ කැරළි ගසන්නට පටන් ගත්හ. 1971 කැරැල්ලට හේතු වූයේ අසහනයෙන් පිරීගිය හදවත් වලින් යුතු තරුණන් තමන්ට අවශ්යෙ පරලට තිපත්ති සහිත පාලනයක් වෙනුවෙන් ගෙන ගිය අරගලයක් බව අවිවාදිතය. පරශ් ජාතන්තරැටවාදී පාලනයකට එරෙහිව අවිගැනීම වරදකි. රජය එය මර්දනය කළේය. තරුණන් ගේ හඩ යටපත් වූ නමුත් විසඳුම් ලැබුණේ නැත. දෙවන වතාවටත් කැරැල්ලක් ඇති වුයේ එහෙයිනි. දකුණට සංවර්ධනයක් ඇතත් තමන්ට සාධාරණ අවස්ථා නැති බව කියමින් උතුරේ අරගලය පැන නැංගේය. දුප්පත්කම සමාජ විෂමතා හා සාධාරණ අවස්ථා අහිමිවීම යන පීඩනය පුපුරා ගියේ ජාතීන් අතර තරතු ස්තවාදී අරගලයක් ඇති කරමිනි. අවසානයේ දී මිනිස් වෙස්ගත් බෝම්බ පිපිරෙන, අහිංසක සාමාන්යී ජනතාව ඝාතනය කරමින් වෙනම රටක් ඉල්ලා සිටීමේ ව්යාබයාමයක් දක්වා දුර දිග ගියේ මෙකී මූලික කේන්ද්රීඅය ගැටලූවයි. ආර්ථිකය හා සාමජය දියුණුවන විට එකිනෙකා අතර පවතින වෙනස්කම් හා නොගැලපීම් වියැකී යයි. සිංගප්පූරුවේ හෝ මලයාසියාවේ ජාතීන් ගණනාවක් වෙසෙයි. ලන්ඩන් නගරයේ එක රාතිරුවේයකට කතා කරන භාෂා ගණන විශාලය. ඉන්දියාවේ ජාති හා ආගම් ගණනකි. මේ සමාජ තුළ පරාා ශ්න ඇත. එහෙත් ඒවාට ස්වභාවික විසඳුම් ලැබී ඇත්තේ ආර්ථික දියුණුවත් සමගය.
ශීරභාව ලංකාව නිදහස ලබන විට ආර්ථීක අතින් හොඳ ස්ථාවරයක සිටියේය. රබර් නිෂ්පාදනයෙන් ලද ආදායම නිසා රටේ ආර්ථිකය ඉහල මට්ටමක පැවති අතර කෘෂි අපනයන නිසා රටට හිස ඔසවා සිටින්නට හැකියාවක් ලැබී තිබුණි. රටේ පාලනය හෙබැවූ දේශපාලන පක්ෂ මුලින් කී අන්දමට ජනතාව ඉල්ලා නොසිටි මහජනතාව වෙනුවෙන් මේ යහපත් ආර්ථිකයේ ධනය වියදම් කළේය. අලූත් ව්යිවසායකයන් බිහි කළේ නැත. යැපෙන හා අනුන් විසින් පවරන මෙහෙවර වෙනුවෙන් යැපෙන ශරලන මික සමාජයක් පමණක් බිහි කළේය.
අතීතය වෙනුවට අනාගතය දෙස සුපරීක්ෂාකාරීව අවධානය යොමු කිරීමේ මොහොත උදා වී තිබේ. ඝනාන්ධකාරයෙන් පසු අරුණාලෝකය උදා වෙයි. අවුරුදු තිහක යුද්ධය මෙරට ජන සමාජය ඝන අන්ධකාරයක හුදෙකලා කළේ නම් තරබු ස්තවාදය පරාජයට පත් කිරීමෙන් පසු අරුණාලෝකය කරා යන මාවතට පරේා වේශ වී සිටිමු. මේ අවස්ථාවේ අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය.
ලෝක ආර්ථිකය පසු බෑමකින් පසු නැගී සිටින අවස්ථාවකි. අසල් වැසි ඉන්දියාව හා චීනය වේගවත් සංවර්ධනයක් කරා යමින් සිටී. මේ රටවල් ලෝක ආර්ථීකය අධ්යයයනය කළේය. එහි ගමන් මග අනුව තමන් ගේ රට තුළ අවශ්යව ආර්ථීක පරබැ තිසංස්කරණ හඳුන්වා දුන්නේය. විශේෂයෙන් ඉන්දියාවේ වර්තමාන පරස් ගතියට හේතු වී ඇත්තේ එවකට මුදල් ඇමැති වශයෙන් කරිව යා කළ වත්මන් අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා හඳුන්වා දුන් පරෙන තිසංස්කරණ හෙයින් බව පිලිගැනේ. කියුබාව වෙනස් වී තිබේ. චීනය ගනු දෙනු කරන්නේ ඇමරිකාව සමගය. බරයි සීලය යළි ගොඩ නැගී ඇත්තේ පෞද්ගලික ව්යමවසාය මත බර තබන ලද ආර්ථික පරබු තිසංස්කරණ හෙයිනි. බිර්ගලතාන්යිය සේ දිනවල වේගවත් ආර්ථීක පරශේ තිසංස්කරණයක් කර ගෙන යන අතර එහි පරයි තිපලයක් වශයෙන් දැනට එරට සමාජය මුහුණ දී ඇති ගැටලූ ඉක්මනින් විසදා ගත හැකි වෙතැයි ජගත් ආර්ථීක විශේෂඥයෝ බලාපොරොත්තු පළ කරති.
ආර්ථිකයක් වේගවත් ගමනකට හැරවීමේ දී එයට අවශ්යැ ජවය ලබා ගත යුත්තේ සමාජයෙන්ය. සමාජයට එහි පීඩනය දැනේ. අපහසුතා වලට මුහුණ දෙන්නටත්, යම් කැපවීමක් කරන්නටත් සිදුවෙයි. එකී කැපවීම නොකර ආයෝජනයකට අවශ්යළ පරාව ග්ධනය සොයාගත නොහැකිය. එය රටකට පමණක් නොවේ ගෙදර දොරටත් එසේය. අපේ පවුලේ දියුණුවක් වෙන්නටනම් අලූතින් යමක් පටන්ගත යුතුය. කෘෂිකර්මය නැතිනම් වෙළඳ ව්යා පාරයක් වැනි යමක් වෙනුවෙන් ආයෝජනය කරන්නේ දැනට පවතින පහසුකම් යම් පමණකින් අඩු කර කැපවීමක් ඇතිවය. දුෂ්කරතා විදින්නට සිදුවෙයි. පවුලේ හැම දෙනෙක්ම එකඟ නම්, ඔවුන්ට මේ වෙනස අවසානයේ යම් දියුණුවක් ලැබෙන බව විශ්වාස කරන්නේ නම් කැපවීමටත් අවසානයේ ජය අත් පත් කර ගන්නටත් හැකිවෙයි. රටක තත්ත්වය ද එයට නොවෙනස්ය. රටක නායකත්වය මහජනතාව ඉදිරියට ගොස් යථාර්ථය පෙන්වා ගමන්කළ යුතු සංවර්ධන ගමන ගැන පෙන්වා දීම අවශ්යවය. මහජනතාව තම නායකයා ගේ ඉලක්කය විශ්වාස කළ යුතුවෙයි. කැපවීම අවසානයේ අරමුණ කරා යා හැකි වන බවට උපේක්ෂා සහගත විය යුතුවෙයි.
රජයේ සැලසුම 2015 වර්ෂය වන විට ඒක පුද්ගල ආදායම, අඩුම තරමින් ඇමරිකානු ඩොලර් 4000 සීමාව ඉක්මවීමයි. එය වර්තමානය මෙන් දෙගුණයකි. එය පහසු ඉලක්කයක් නොවේ. මෙම ඉලක්කය කරා යාමට නම්, මෙරට ආයෝජන අනුපාතය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 ක් පමණ දක්වා ඉහළ නංවා ගැනීම අවශ්‍යය. දැනට මෙරට ආයෝජන පර්ම තිශතය සියයට 26 කි. මෙයින් රජයේ ආයෝජන පරයව මාණය සියයට හයක් පමණ වෙයි. විදේශීය ආයෝජනය සියයට එකකි. ඉතිරි පරතරය පියවා ගත හැක්කේ කෙසේද? රජය ඉදිරිපත් කරන්නට යෝජිත අය වැය ලේඛනය උත්තර දිය යුතු ගැටලූව එයයි.
රජයේ ආදායම වැඩි කර ගත යුතුය. එය කළ හැක්කේ බදු නැංවීමෙන් පමණකි. ආදායම් වැඩි කර ගැනීමට වැට් පරෝජ තිශතය සියයට විස්සක් දක්වා වැඩි කිරීම කළ හැකිය. දැනටමත් දුම්කොළ හා මත්පැන් බදු වැඩි කර තිබේ. තේ අපනයනයේ දී අමතර බද්දක් අයකරයි. අත්ය වශ්යර ආහාර ද්ර්ව්ය වෙනුවෙන් අතිරේක බදු පැනවූ අතර පසුව අර්තාපල් හා ලොකු ලූණූ බදු අඩු කළේය. එසේ කිරීමෙන් ලැබෙන ආදායමෙන් මිලියන දෙකක් පමණ වන රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළ හැකිවෙයි. රුපියල් දහසක් අතට දී බදු වැඩි කිරීමෙන් පරසේ යෝජනයක් නැත. වැඩිවන බදු ගෙවන්නේ මහජනතාවයි. ජනාධිපති බදු කොමිසම අනුව බදු සංශෝධන යෝජනා ගෙන ඒම මෙවර සිදුවන එකකි. දැනට පවතින විෂම බදු කරුට ම වෙනුවට සරල සෘජු බදු පරජන තිපත්තියක් හඳුන්වා දෙන්නට අපේක්ෂා කරන බව දැනටමත් රජය පරනු කාශ කර තිබේ. නමුත් රජය කළ යුත්තේ බදු අයකර ගත හැකි පිරිස වැඩි කිරීමයි. එය කළ හැක්කේ ව්යනවසායකයන් වැඩි කිරීමෙන් පමණකි. ව්ය්වසායකයින් වැඩි වන්නේ මුලින් සඳ හන් කළ පරිදි ආයෝජන වැඩි වුවහොත් පමණක් බව අවබෝධ කර ගත යුතුව ඇත.
මේ අතර අය වැය හිඟය පාලනය කරගත යුතුවේ. එසේ නොවුන හොත් සිදුවන්නේ හිඟය පියවන්නට වැඩි වැඩියෙන් ණය ගන්නට සිදුවීමයි. 2009 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ පරයි තිශතයක් වශයෙන් අය වැය හිඟය සියයට 9.9 ක් වූ අතර ගෙවී යන 2010 වසරේ දී එය සියයට 8 ක සීමාවේ පවත්වාගෙන යා හැකි වෙතැයි යෝජනා කර තිබුණි. බදු සංශෝධන හා බලාපොරොත්තු වූ රජයේ ආදායම් ලැබීම මත එහි අවසාන දත්ත තීරණයවනු ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ පර්් තිශතයක් වශයෙන් මේ වසරේ පළමු මාස හත ඇතුලත අය වැය හිඟය සියයට 8.22 කි. 2009 අවුරුද්දේ මෙම කාලය තුළ දී රුපියල් බිලියන 288.3 ක් ව පැවති හිඟය මේ වසරේ මෙම කාලසීමාවේ දී රුපියල් බිලියන 264.6 ක් තෙක් අඩු කරගන්නට සමත් වී ඇති බව දක්වන බව ශරීස ලංකා මහ බැංකුවේ දත්ත රජයේ ආදායම සියයට 18.29 කින් වැඩි වී ඇති අතර පසුගිය වසරේ මුල් මාස හත සමග සසඳන විට එය රුපියල් බිලියන 372.4 තෙක් බව ද පෙන්වයි.
අය වැය හිඟය පියවන්නටත්, සංවර්ධන අභිලාශයන් වෙනුවෙනුත් රජය ගෙන ඇති ණය රුපියල් බිලියන 4100 ඉක්මවා ඇත. දේශීය හා විදේශීය වශයෙන් ගෙන ඇති මෙම ණය ආපසු ගෙවිය යුත්තේ රටක් වශයෙන් ආදායමක් ඉපැයීමෙන්ය. දැනටමත් ජාත්යයන්තර මූල්යි අරමුදල මෙරට ණය ගැනීම් අධෛර්යවත් කරමින් නිෂ්පාදන නැංවීම හා ආයෝජන අවස්ථා වැඩි කිරීම කෙරෙහි දෙන උපදෙස් කෙරෙහි සැලකිලිමත් වීම වටී. මේ වනවිට රජයේ ණය සේවා ගෙවීම් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 801.1 ක මුදලක් වැය කරන්නට රජයට සිදුව ඇත. එය 2009 වසරට වඩා සියයට තිහකින් වැඩිවීමකි. තව දුරටත් දේශීය ණය ගැනීම උද්ධමනය වැඩි කිරීමට හා විදේශීය ණය ගැනීම රටේ විදේශ ආදායම පිරිහීමට හේතු විය හැකිය. 2009 අවසන්වන විට මෙරට විදේශීය මුදල් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා පහත වැටුණ අතර ජාත්යීන්තර මූල්යං අරමුදලේ සහන හෙයින් දැන් එය ඇමරිකානු ඩොලර් බිලියන පහක් දක්වා වැඩි වී ඇත. මෙම මුදල් මෙරට ආනයන හා විදේශ ණය සේවා ගෙවීම් වෙනුවෙන් වැය වන විට නැවත නැවතත් විදේශ සංචිත පහත වැටීම වැලැක්විය නොහැකිය.
2011 වසර වෙනුවෙන් නොවැම්බර් මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ලේඛනයට අදාල විසර්ජන පණත් කෙටුම්පත පසුගියදා ඉදිරිපත් විය. පණතට අනුව 2011 වසරේ මෙරට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 1,080 කි. එයින් සියයට විස්සක් එනම් රුපියල් බිලියන 215.2 ක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වැය කරනු ඇත. නොඑසේනම් පසුගිය වසරට වඩා තවත් සියයට හයකින් වැඩි මුදලක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වෙන් කර තිබේ. ආරක්ෂක අංශ වැටුප් සේවා වියදම් සහ යුධ මිළදී ගැනීම් වෙනුවෙන් ගෙවන්නට ඇති ණය මුදල් හෙයින් තවමත් ආරක්ෂක වියදම වැඩි බව රජය දැනටමත් නිල වශයෙන් පරක් කාශ කර ඇත. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 75.2 ක්, සෞඛ්යි අංශයේ වියදම් වශයෙන් රුපියල් බිලියන 62.25 ක්, වරාය හා ගුවන් සේවා වෙනුවෙන් රුපියල් බිලියන 28.65 ක් වශයෙන් පරින ධාන වියදම් වෙන් කර ඇත.
ශරී් ලංකාව යුධ ගැටුම් නොතිබුණා නම් සියයට අට දහය අතර ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින් දියුණුව කරා ගමන් කළ හැකිව තිබුණි. දැන් අවශ්යත මෙම අහිමිවී ගිය අවස්ථාව උදා කර ගැනීමයි. රට සංවර්ධනය කිරීමෙන් හා එහි පරශ් තිපලයක් වශයෙන් ඒක පුද්ගල ආදායම වැඩි වීමෙන් විනා මහජනතාවට සහනයක් ලැබෙන්නේ නැත. වැටුප් වැඩි කිරීමෙන්, ඉන්ධන සහන සැලසීමෙන් හෝ දුප්පතුන්ට වැඩි පුර ආධාර සැපයීමෙන් රටක් දියුණු වන්නේ නැත.
ආයෝජනය කරන්නට මුදල් නැති, මුදල් උපයා ගන්නට තව තවත් බදු වැඩි කළ නොහැකි අවස්ථාවක ආණ්ඩුව ආර්ථිකයේ අබල දුබලතා සොයා එහි පරක් තිසංස්කරණයක් කළ යුතුය. ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කළ යුතුය. නිෂ්පාදනය වැඩි කර පලදායකත්වය ඉහළ නැංවිය යුතුවෙයි. එයින් නිපදවන භාණ්ඩයේ මිළ අඩුවෙයි. අලාභ ලබන රජයේ ආයතන සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතුවේ. මහජනතාවට සේවා සපයන බව පෙන්වන රජයේ පරිි ධාන ආයතන නිතිපතා අති විශාල මුදලක් පාඩු ලබන අතර මේ පාඩු පියවන්නේ බදු වලින් හා තව තවත් ණය ගැනීමෙනි. මෙම පාඩු ලබන ආයතන ගන්නා බැංකු ණය වෙනුවෙන් ගෙවන පොලිය ද, රජය අයවැයෙන් මේ ආයතන වෙනුවෙන් සහන වෙනුවෙන් වෙන් කරන මුදලට ගන්නා ණය පොලිය ද ගෙවන්නේ මතු පරපුරයි. දේශිය හා විදේශීය ආයෝජකයන්ට දොරටු විවර කළ යුතුය. තව තවත් ව්යුවසාය ඇතිකිරීමෙන් පමණක් රැකියා අවස්ථා ජනිත කළ හැකිය. මහජනතාවට වැඩි ආදායමක් ලැබෙන පසුබිමක් ඇත් කළ හැකිය. එවැනි නව ව්යනවසායකත්ව ජාලයකින් පමණක් ආර්ථිකයේ පර්ේ සාරණයක් ඇතිවෙයි. එම පරයන සාරණය රජයට නව බදු අයකරගැනීමේ අවස්ථා නිර්මාණය කරයි.
ශරිට ලංකාව තවමත් උත්සාහ කරන්නේ මහජනතාවගේ හිත දිනාගෙන රාජ්යන පාලනය කිරීමේ සංකල්පයයි. ඉදිරි දශකය ආසියාවේ යුගය වශයෙන් සැලකෙන අතර ගෙවුන දශකය තුළ ලෝක ආර්ථිකය දෙගුණයකින් වර්ධනය වන විට ආසියාවේ ආර්ථිකය තුන් ගුණයකින් වර්ධනයවී ඇති බවත් වසර 2030 වන විට ලෝක ආර්ථීකය දැනට පවතින මට්ටම සියයට පණහකින් හා ආසියාවේ ආර්ථිකය ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් තරම් පරයය සාරණය වන බවත් ජාත්යකන්තර මූල්යර අරමුදලේ අලූත්ම පර්යේෂණ වාර්තා දක්වයි.
මේ අනුව මහත් වගකීමකින් යුතුව කිරකජායා කළ යුතු යුගයක් උදා වී තිබේ. රටට අවශ්යර ආර්ථික පර්ධ තිපත්ති අනුගමනය කිරීම පහසු නැත. එය ජනපරිුගයය දේශපාලනය සමග ගැලපෙන්නේ නැත. යථාර්ථය පෙන්වා දී අවශ්යන ව්යුළහාත්මක වෙනස්කස් කිරීමට මෙවර අයවැය යෝජනා හොඳ පසු බිමක් සකසා තිබේ. රජය ඉහළ මට්ටමේ දේශපාලන ජනපරියවීයතාවක් පවතින අවස්ථාවක මහජනතාවට ඇත්ත කියා නිවැරදි තීන්දු ගෙන ඒවා කරිර යාත්මක කළ යුතුය. අය වැය සකස් විය යුත්තේ එකී අභිමතාර්ථ මුදුන් පමුණුවාගත හැකි අන්දමටය.
ගාමිණී සරත් ගොඩකන්ද