2011 වසරේ අය වැය හා ජනතාවගේ අපේක්ෂා

එළැඹෙන 2011 වසර වෙනුවෙන් නොවැම්බර් දෙවැනි සතියේදී ඉදිරිපත් කිරීමට යෝජිතව ඇති අයවැය ලේඛනය සම්බන්ධයෙන් මහජනතාවගෙන් හා රටේ ආර්ථිකය ගැන උනන්දුවක් දක්වන සංවිධාන වලින් අදහස් හා යෝජනා ලබා ගැනීමට මුදල් අමාත්‍යංශය සුදානම් වෙයි. වසර කිහිපයක් තිස්සේ අය වැය සකසන අතර මෙවැනි අදහස් ලබා ගැනීමට මුදල් අමාත්‍යංශයේ අයවැය දෙපාර්තමේන්තුව උනන්දු වූ අතර එමගින් සංවර්ධනයට වඩා ඉඩදෙන හා මහජනතාවගේ කැමැත්ත ගැන අවධානය යොමු කරන අය වැය සැලැස්මක් ඉදිරිපත් කරන්නට අවකාශ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් අය වැය දෙපාර්තමේන්තුව රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනුබද්ධ ආයතන වලින් රටේ සංවර්ධන සැලසුම් හා ඉදිරි කාලය තුළ යෝජනා කර ඇති ව්‍යාපෘති පිළිබ`දව අදහස් විමසයි. රජයට ආදායම් උපයා ගත හැකි අංශ හා මහජනතාවට සෙත සැලසෙන අලූත් ව්‍යාපෘති ගැන මූලික අදහස් අයවැය වාර්තාවට ගොනු වන්නේ මේ අනුවය. සාකච්ඡුා වට ගණනාවකට පසු අවශ්‍ය තීරණ ගැනේ. එක්තරා කාලයක අය වැය අතිශය රහසිගත ලේඛනයකි. මහජනතාව, ව්‍යාපාරිකයන් හා දෙස් විදෙස් ආයෝජකයන් ඒ කෙරෙහි වැඩි අවධානයක් දක්වති. එනමුත් වර්තමානයේ රටේ ආදායම, වියදම හා ප‍්‍රතිපත්ති සම්බන්ධව මූලික අවබෝධයක් පවතින හෙයින් මෙම අය වැය යෝජනා මගින් ඉදිරිපත් විය හැකි කරුණු ගැන දළ අදහසක් පොදු ජනතාවට ඇත. සාමාන්‍යයෙන් භාණ්ඩ මිල අඩු වැඩි කිරීම, බදු සංශෝධන හා සැලසුම් අනාවරණය කිරීම අය වැය මගින් නිශ්චිතව ප‍්‍රකාශ කළ යුගය අවසන් වී ඇති අතර ජාත්‍යන්තර ආර්ථීකය, එමගින් රටට අත්වන බලපෑම මෙන්ම දේශීය මූල්‍ය හා සමාජ තත්ත්වය විමසා අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක බදු සංශෝධන හා සංවර්ධන සැලසුම් ප‍්‍රකාශයට පත් කරන බවක් දක්නට තිබේ.

දේශීය නිෂ්පාදකයන්ගේ අල, ලූනු වැනි නිපැයුම් වෙළ`ද පොළට පැමිණෙන අවස්ථාවේ දී ආනයන බදු නංවන අතර ඇතැම් අත්‍යවශ්‍ය නොවන නමුත් රජයේ බදු ආදායම නංවන කේෂේත‍්‍ර අක‍්‍රීයවන අවස්ථාවේ දී ඒ වෙනුවෙන් බදු ලිහිල් කිරීම මගින් වැඩි අවස්ථාවන් උදා කිරීමට ද රජය උනන්දු වන බව දක්නට හැකිය.

2011 වසරේ අය වැය සකස් කිරීමේ දී රජය තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දක්වන ලද රාමුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතකට අඩු වනු ඇතැයි ප‍්‍රධානක ආයතන අපේක්ෂා කරයි. 2009 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අය වැය හි`ගය සියයට 9.9 ක් වූ අතර ගෙවී යන වසරේ දී එය සියයට 8 ක සීමාවේ පවත්වාගෙන යා හැකි වෙතැයි යෝජනා කර තිබුණි. බදු සංශෝධන හා බලාපොරොත්තු වූ රජයේ ආදායම් ලැබීම මත එහි අවසාන දත්ත තීරණයවනු ඇත. මේ වසරේ දී රජය බදු මගින් රුපියල් බිලියන 729 ක් ඉලක්ක කර තිබුණි. මේ වසරේ ගතවූ මාස හය ඇතුලත රුපියල් මිලියන 355,409 ක බදු ආදායමක් රජය උපයාගෙන තිබේ. එය පසුගිය වසරේ සමාන කාල සීමාව තුළ උපයා ගෙන තිබුණ රු. මිලියන 289,749 ක බදු ආදායම සමග සස`දන විට සියයට 22 ක වර්ධනයකි.

2011 වසරේ අය වැය ඉදිරියේ රජයේ හා අනුබද්ධ ආයතන වල සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව රජයට අභියෝගයක් වනු ඇත. 2010 වසරේ රජයේ වියදම් වලින් රුපියල් බිලියන 102.5 ක් රජයේ සේවක වැටුප් වෙනුවෙන් වෙන් කර තිබුණ අතර එයින් රුපියල් බිලියන 93 ක් විශ‍්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙනි. අද වන විට විශ්ව විද්‍යාල ආචාර්ය මට්ටමේ සිට සාමාන්‍ය සේවකයා දක්වා සියලූම දෙනා වැටුප් වැඩි වෙතැයි බලාපොරොත්තු වෙති. යුද වියදම් අඩු වීම ගෙවී යන වසරේ දී වැටුප් වැඩි කිරීමක් නොකර සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධව පුලූල්ව සොයා බලා අවශ්‍ය සංශෝධන කරන බවට කළ ස`දහන රජයේ සේවකයන්ගේ අපේක්ෂා දල්වා ඇත. කෙසේ නමුත් සතුටුදායක මට්ටමකින් වැටුප් වැඩි කරන්නට රජය අතිරේකව වැය කළ යුතු රු. බිලියන 10-20 අතර ප‍්‍රමාණය උපයා ගැනීමට ඇති මාර්ගය සොයා ගැනීම රජයට පහසු එකක් නොවේ. රජයේ ආදායම එවැනි තත්ත්වයක පවතින් නමුත් පෞද්ගලික අංශය මේ වන විට සාර්ථක දියුණුවක් දක්වා තිබේ. නිකුත් වී ඇති වානිජ බැංකු මූල්‍ය වාර්තා හා කොටස් වෙළ`ද පොළ ලැයිස්තු ගත සමාගම් වල මූල්‍ය වාර්තා පරික්ෂා කරන විට ඒවායේ බදු ගෙවීමෙන් පසු ලාභය කැපී පෙනෙන එකකි. මෙම ලාබයෙන් කොටසක් සේවකයන් හා කොටස් කරුවන් අතර බෙදා දෙන්නට පුද්ගලික අංශයේ සමාගම් තීරණය කරනු ඇත. වානිජ බැංකු වල අදික ලාභය ආයෝජනය කිරීමට වඩා බැංකුවේ ප‍්‍රාග් ධනය නැංවීමේ අවස්ථාව වෙනුවෙන්උපයෝගී කර ගන්නට ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ඉල්ලා ඇති බව ද අනාවරණය වෙයි. සමාගම් ගණනාවක් තමන්ගේ ලාභ ආයෝජනය කිරීමට අවස්ථාව ගැන අධ්‍යයනය කරමින් සිටින අතර ඒ වෙනුවෙන් ඉක්මන් ඉඩකඩ නොමැතිවීම ගැන කනස්සල්ලෙන් සිටින බව ද වාර්තා වෙයි. මෙවැනි අවස්ථාවක 2011 වසරේ අය වැය මෙම සමාගම් වලට ආයෝජන අවකාශය සපයමින් තව තවත් රුකියා උත්පාදනයට ඉඩ දෙන අතර රජයේ බදු ප‍්‍රතිපත්ති තවත් ලිහිල් කළ යුතුව තිබේ. එවිට ආර්ථිකය ප‍්‍රසාරණය වනු ඇත. ඒ මගින් කෙටි කාලීන වාසි අත්කර ගැනීමකට වඩා දීර්ඝ කාලීන ප‍්‍රයෝජන රටට ල`ගා කර ගත හැකි වනු නියතය.

2011 වසරේ අය වැය යෝජනා වලදී ප‍්‍රාදේශීය මට්ටමින් නව ව්‍යවවසායකත්ව අවස්ථා ඇති කිරීම කෙරෙහි වැඩි අවදානය යොමු කිරීම වටී. දැනට අඩු වී ඇති බැංකු පොලී අනුපාතයන් හි වරප‍්‍රසාද ලබමින් නව තරුණ ව්‍යාපාර ජාලයක් ඇති වීම රටට හිතකරය. කෘෂිකර්ම, ෂත්ව පාලන හා සංචාරක යන කේෂේත‍්‍ර ඉක්මනින් වැඩෙන හා වැඩි දියුණුවක් කරා කෙටි කාලයකින් ල`ගාවිය හැකි අංශයන්ය. ඒ වෙනුවෙන් නව ප‍්‍රතිපත්ති රාමුවක් ද දිරිගැන්වීම් ද පලාත් හා ප‍්‍රාදේශීය මට්ටමින් ඇති කිරීම වටිනා බව ස`දහන් කළ යුතුය.
මැද පෙරදිග ඇතුලූ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දුක්බර කතාන්දර වාර්තාවන නමුත් ගවී යන වසරේ දී එතෙර රුකියා කරන ශ‍්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ඉක්මවනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ගණන් බලා තිබේ. දැනට මෙරටටවිනිමය උපයන මාර්ග අතුරින් පළමු තැන ස`දහන් ව ඇත්තේ මෙම ආදායම වන අතර දෙවනුව වැඩිම විනිමය ප‍්‍රමාණයක් රටට ලබා දෙන්නේ ඇ`ගලූම් කර්මාන්තයයි. එනමුත් ඇ`ගලූම් නිපැයුම් වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වැය වන මුදල සමග සස`දන විට මෙම ශ‍්‍රී ලාංකිකයන් එවන මුදල විශාල වටිනාකමක් ඇති එකකි. 2005 අවුරුද්දේ මෙරටට විදේශීය ශ‍්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,918 ක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා දක්වයි. 2009 වසරේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 3,330 ක් දක්වා වැඩි වී ඇත.

විදේශීය රුකියාවල නිරත ලාංකිකයන්, ඔවුන්ගේ දරු පවුල් සම්බන්ධයෙන් රජය හෝ සුබසාධනආයතන දක්වන අවධානය එතරම් ප‍්‍රබල නැති බවට ද සමාජයේ අදහසක් පවතී. මෑතක් වන තුරු නුපුහුණු ශ‍්‍රමිකයන් මැද පෙරදිග ඇතුලූ රටවලට යැවීමේදී ඉදිරියෙන් සිටියේ පිලිපීනයවන අතර එරට බලධාරීහු එයින් වන හානි සලකා නොයෙකුත් නීති රීති හා සීමා කිරීම් පනවා ඇති අතර මේ නිසා එවැනි අවස්ථා වෙනුවෙන් ඉල්ලීම් ඇති රටවල් නව වෙළ`ද පොළ සොයමින් සිටින බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ශ‍්‍රි ලංකාව තානාපති කාර්යාල මට්ටමින් මෙම ශ‍්‍රම වෙළ`දාම පුහුණු හා ශිල්පීය දක්ෂතා ඇති පිරිස එතෙර රුකියා වලට යොමු කිරීම දක්වා පරිවර්තනය කරන්නට උත්සාහ නොකළහොත් නුදුරු කාලයේ දී තව තවත් අනුවේදනීය සිද්ධි වාර්තා වීමට බැරි නැත. අනවබෝධය හෙයින් ව්‍යාජ ඒජන්සි හා එතෙර රුකියා කරන්නන් හරහා උදා කරගන්නා රුකියා අවස්ථා අවසානයේ දී කණගාටුදායක අන්දමට අවසන් වන අතර එය වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙයි.
ඕනෑම කේෂේත‍්‍රයක් ප‍්‍රාථමික අවධියේ දී නිත්‍යානුකූල රාමුවක් නොමැතිව වර්ධනය වන අතර එය යම් මට්ටමකට පැමිණි විට අවශ්‍ය විධි විධාන පනවා එහි අගය නැංවෙන අයුරින් කි‍්‍රයාත්මක කිරීම වැදගත්ය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් විසින් බස් ගාස්තු වැඩි කරන බවට දන්වා තිබේ. සාමාන්‍යයෙන් ජූලි මාසයේ දී ඉන්ධන මිල, අමතර කොටස් මිල හා බස් රථ නඩත්තුව වෙනුවෙන් සිදුවන වාර්ෂික මිල වැඩිවීම ෂලකා ප‍්‍රතිශතයක් වශයෙන් බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ප‍්‍රවාහන කොමිසම ඉඩ දෙන අතර මේ වසරේ දී මෙම ෂලකා බලන අංශ වල සැලකිය යුතු මිල වැඩි වීමක් වාර්තා වී නැත. කෙසේ නමුත් බැංකු පොලී අනුපාත අඩුවී ඇති හෙයින් බස් කර්මාන්තයේ නිරත හිමිකරුවන්ගේ ණය වෙනුවෙන් ගෙවන වාරික වල යම් අඩු වීමක් ද තිබිය හැකි බව විචාරක මතයයි. බස් ගාස්තු වැඩි කිරීමේ දී අවම ගාස්තුව නැංවීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීම අරමුණ වී තිබේ. ගාස්තු වැඩි කරන හැම අවස්ථාවකදීම මගී ජනතාවට ලැබිය යුතු පහසුකම් සම්බන්ධයෙන් කොන්දේසි පනවන නමුත් ඒවා නිසි ආකාරයෙන් කි‍්‍රයාත්මක නොවන බව පෙනේ. ගාස්තු වැඩි කරන විට එවැනි පැති ගැන සමාලෝචනයක් කිරීම අවශ්‍යය.

කොළඹ කොටස් වෙළ`ද පොළ ගනුදෙනු තවදුරටත් පිබිදීමක් වාර්තා කරයි. බ‍්‍රහස්පතින්දා ගනුදෙනු අවසන් වන විට සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6303 ඉක්මවා ගිය අතර ලබන සතියේ ගනුදෙනු තව දුරටත් ඉහල ඉල්ලූමක්න් පවතිනු ඇතැයි තැරුව්කාර සමාගම් කියයි. මෙතෙක් පනවා තිබුණ සියයට දහයක මිළ සීමාව ඉවත් කරන්නට තීරණය කිරීම නිසා තරගකාරීත්වය ඉහල යා හැකියැයි අපේක්ෂා කෙරේ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය ලැබූ ස්ථාවරත්වය මෙහිලා විශේෂයෙන් බලපාන්නට ඇති බව ආයෝජන උපදේශකයෝ දක්වති. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ අනුව ආර්ථිකයේ ගමන් මග යහපත් බව පෙන්වා දීම, ඉතුරුම් පොලී අනුපාත හා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත පහත වැටීම කොටස් වෙළ`ද පොළ කෙරෙහි දේශීය ආයෝජකයන් ආකර්ශනය වීමට බලපා ඇති තවත් ප‍්‍රධාන හේතු බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර තහවුරු කරන ලද ආරංචි මාර්ග වලට අනුව ලාෆ් ගෑස් සමාගම, ලංකා මිල්ක් ෆුඞ්, විදුල්කා ඇතුලූ සමාගම් කිහිපයක් කොටස් නව නිකුතු ස`දහා විනිමය හා සුරුකුම් කොමිසමේ අවසරය ලබා ඇත.

ගාමිණී සරත් ගොඩකන්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න