රටට අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ කරා

දේශපාලනයේ දී මහජනතාව රවටන්නට හැකිය. එහෙත් හැමදාටම නොවේ. රවටන්නා දිනන අතර රැුවටෙන මහජනතාව තවමත් දේශපාලනඥයන්ට පාඩම් උගන්වන්නට බලා හිදී. එසේ නමුත් ආර්ථිකය රවටන්නට නොහැකිය. විවිධ උපාය ඇතත් එහි අවසානයේ ඇත්තේ ඉල්ලූම හා සැපයුම් සම්බන්ධ න්‍යායයි. නිසි ප‍්‍රතිපත්ති හා කැපවීමෙන් ලබා ගත යුතු ජයග‍්‍රහණ විනා ආර්ථික සංවර්ධනයට කෙටි මාර්ග හෝ තාවකාලික පිළියම් නැත.

රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වන්නේ නැත. වර්තමානයේ මොංගෝලියාව ගැන අඩු තක්සේරුවකින් කතා කළත් මෙයින් අවුරුදු කිහිපයකට කලින් බ‍්‍රසීලය, කොරියාව වැනි රටවල් ගත කළේ ඒ හා සමාන අමිහිරි ආර්ථික පසුබිමකය. නිවාරදි ප‍්‍රතිසංස්කරණ හා නිසි කාලයේ ගත් තීරණ හෙයින් ඒ රටවල ආර්ථිකයේ පිබිදීමක් සිදුවිය. නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලය අවුරුදු හැට දෙකකි. දශක තුනක් අභ්‍යන්තර යුධ ගැටුම් නිසා ආර්ථිකය තියුණු බලපෑමකට ලක්ව තිබුණි. මෙම වාතාවරණය හෙයින් විවෘත ආර්ථික ක‍්‍රමයේ හැබෑ අවස්ථාවන් රටට අහිමි විය. දැන් උදා වී ඇත්තේ රටට අහිමි වූ අවස්ථා යළි ල`ගා කර ගන්නට අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු මොහොතයි.

1948 දී රටට නිදහස ලබන අවස්ථාවේ ආසියාවේ දියුණු රටවල් පහ අතර ශ‍්‍රී ලංකාව පසුවිය. දකුණු ආසියාවේ ලංකාවට ඉහලින් සිටි රටක් නොවීය. එහෙත් 1960 වන විට මේ තත්ත්වය කෙමෙන් පසු බසින්නට පටන් ගත් බව නිරීක්ෂණය කළ හැකිය. තායිලන්තය, දකුණු කොරියාව හා තායිවානය වැනි රටවල් පමණක් ඇමරිකානු ඩොලර් 160 ක පමණ වාර්ෂික ඒක පුද්ගල ආදායමක් ලබමින් ලංකාව හා සමාන ආර්ථීක තත්ත්වයක පසුවිය. මෙම යුගය වන විටත් මෙරට ජාතික ආදායමෙන් සියයට විසිපහක පමණ ප‍්‍රතිශතයක් වැය කරන ලද්දේ සුබසාධනය වෙනුවෙනි. ආහාර සහන මිළට සැපයුන අතර සේවාවන් වශයෙන් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන ගියේය. මේ යුගයේ සාක්ෂරතාවය අනුව ලෝකයේ ඉහල තැනෙක ලංකාව සිටි අතර සෞඛ්‍ය තත්ත්වයේ ද අඩුවක් නොතිබිණ.

1978 දී සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වන්නට ආවේ සිංගප්පූරුව ශී‍්‍ර ලංකාව මෙන් දියුණු කරන්නට අවශ්‍ය අත්දැකීම් ලබා ගන්නටය. නමුත් සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටක් කර අගමැති තනතුරෙන් ඉවත්ව යන විට ඔහු සිය අත්දැකීම් ඇතුලත් කර ලියන ලද කෘතියේ දක්වා ඇත්තේ ශ‍්‍රි ලංකාව ගමන් කරන මාවතේ යායුතු නැති වගය. වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ ශ‍්‍රී ලංකාව අවස්ථාව අහිමි වූ සමාජයක් වශයෙනි. එසේ වූයේ ජාත්‍යන්තර සමාජය තීන්දු ගන්නා විට එය අවබෝධකරගෙන ඒ රටාව සමග ඉදිරියට ගමන් කරන්නට අප සූදානම් වූයේ නැති නිසාය. යටත් විජිත සමයේ වැවිලි වගාවට අවස්ථාව ඇති විට ලංකාව ඉදිරියෙන් සිටියේය. ඉන්පසු පැමිණි කාර්මික, සේවා, මූල්‍ය හා තාක්ෂණික යුග වලදී අවශ්‍ය මොහොතේ නිසි තීන්දු නොගැනීම හෙයින් රටට ලබාගත හැකි ව තිබුණ වේගවත් සංවර්ධන අවස්ථා ගිලිහී ගියේය. එහි අනිටු පල විපාකය වූයේ අතෘප්තිමත් සමාජය ආණ්ඩු වලට එරෙහිව කැරළි ගැසීමයි. රුකියා නැති, ආදායම් උපයන්නට අවස්ථාව අඩු, එක් පෙලැන්තියකට පමණක් ආර්ථිකයේ දොරටු විවෘතව තිබෙන බව පෙනෙන විට දකුණේ පමණක් නොව උතුරේ ද අරගල ඇතිවිය. ආණ්ඩු කිහිපයක් විවිධ සැලසුම් අනුව රට ගොඩ නගන්නට උත්සාහ කළත් සාමාන්‍යයෙන් සියයට පහකට වඩා වැඩි සංවර්ධන වේගයක් ල`ගා කර ගන්නට නොහැකි විය. පරමාදර්ශී රටක් තවත් දසක කිහිපයකට පසු අවාසනාවන්ත ලෙස නොතැකිය යුතු රටක් බවට පත් වූයේ ආර්ථික සංවර්ධනය ගැන බරපතල ලෙස අවධානය යොමු නොකළ හෙයින් බව පැහැදිලි ව තේරුම් ගැනීම අවශ්‍යය.

අසල්වැසි ඉන්දියාව මේ වන විට සියයට දහයක ආර්ථික සංවර්ධනයක් ල`ගාකර ගෙන ඇත. වත්මන් අගමැති මන්මෝහන් සිං මහතා මුදල් ඇමතිවරයා ලෙස කළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගණනාවක් හ`දුන්වා දුන්නේය. පුද්ගලීකකරණය පිලිගත් අතර එයාර් ඉන්ඩියා ගුවන් සේවය ඇතුලූ එරට ආර්ථිකයේ ප‍්‍රබල ආයතන රජයේ පාලනයෙන් ඉවත් කළේය. ඉන්දියාවට අලූත් මාවතක් උදාවිය. ණය බරින් මිරිකී සිටි බ‍්‍රසීලය එරට වත්මන් ජනාධිපති ලූලා ඩි සිල්වෝ මහතා පත්වූයේ වාමාංශික ක`දවුර නියෝජනය කරමිනි. නමුත් ඔහු බලයට පත්වීමෙන් පසු දක්ෂිණාංශික ප‍්‍රතිපත්ති අනුව ආර්ථිකය වෙනස් කර වේගවත් සංවර්ධනයක් කරා යමින් සිටී. චීනයේ සිදුවූයේත් වෙනත් සමාජවාදී ආණ්ඩුවල මහජනතාව වෙනුවෙන් ආයෝජනය කරන්නේ හා ව්‍යාපාර මෙහෙයවිය යුත්තේ තමන්ය යනුවෙන් කල්පනා කළ රටවල්වලත් ආකල්ප දැන් වෙනස් ව තිබේ. ශ‍්‍රී ලංකාව තමන්ගේ අනාගතය දෙස වඩා සූක්ෂම ආකල්ප ඇතිව අවධානය යොමු කළ යුතුය.

මෙතෙක් ආණ්ඩු බලය හිමි කරගෙන සිටි කවර දේශපාලන පක්ෂයක් වේවා අනුගමනය කළේ තමන් එකක් මහජනතාවට කියමින් අනෙකක් ක‍්‍රියාත්මක කිරීමයි. මහජනතාවට ඇත්ත කියන්නටත්, රාජ්‍ය ව්‍යවසායයන්හි අසාර්ථකත්වය වෙනුවට පෞද්ගලික අංශයේ සාර්ථකත්වය කෙරෙහි විශ්වාසය තහවුරු කරන්නටත් වැඩ පිළිවෙලක් ඇති කළේ නැත. මේ ව්‍යායාමය තවදුරටත් සිදුවන්නේ නම් එයින් රටට සිදුවන්නේ අවාසියකි. අවම වශයෙන් සියයට දහයක වාර්ෂික ආර්ථික වර්ධනයක් කරා අද ශ‍්‍රි ලංකාවේ ඉලක්කය වීම අවශ්‍යය. එය කළ හැකිය. නමුත් ආණ්ඩුවට පමණක් නොවේ. ආණ්ඩුව කළ යුත්තේ අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. නීති රීති හා යටිතල පහසුකම් නැංවීමයි. පෞද්ගලික අංශය ව්‍යාපාර ආරම්භ කරනු ඇත. අවශ්‍යනම් රජයට තර`ගකාරී ලෙස ව්‍යාපාර කර්මාන්ත ඇරඹිය හැකිය. එසේ නැතිනම් ව්‍යාපාරිකයන් ඉදිරිපත් නොවන කෙෂේත‍්‍ර කෙරෙහි පමණක් රජයේ ආයෝජන ඉලක්ක කළ හැකිය. තමුන්ට සියල්ල කළ හැකිය යන ආකල්පයෙන් කි‍්‍රයා කළහොත් සිදුවන්නේ අසාර්ථකත්වයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට දරා ගන්නටය.

තවත් පැත්තක් තිබේ. ආණ්ඩුවට අලූත් ආයෝජන කරන්නට ප5ාග්ධනය නැත. දැනට ආරම්භ කර ඇති සියලූම සංවර්ධන යෝජනා ක‍්‍රම පවත්වාගෙන යන්නේ දෙස් විදෙස් ණය ආධාර ඇතිවය. මේ ණය වෙනුවෙන් වාරික හා පොලිය ගෙවි යුතුය. ණය ලබා ගෙන දියුණු කරන ගුවන් තොටුපොලක් ලාභ ඉපැයිය යුත්තේ ඒ ණය හා පොලිය ගෙවිය හැකි අන්දමට සේවාවන් වැඩි මිලට විකුණමින්ය. විදුලි බලාගාර හෝ තෙල් පිරිපහදු ඇති කරන විට ඒවාට ගන්නා ණය ගෙවි යුත්තේ ඒවායින් ආදායම් උපයා ගෙනය. ආණ්ඩුවට ණය ගනිමින් අලූත් ව්‍යාපාර ඇති කළ හැකි සීමාවක් ද තිබේ. මේ ගෙවී යන වසරේ රජය රුපියල් බිලියන 817.8 ක ආදායමක් උපයන විට රජයේ වියදම රුපියල් බිලියන 1,279 කි. ආදායමට වඩා වැඩි වියදමක් දරන පුද්ගලයෙකුට තමන්ගේ ආදායම වැඩිකර ගන්නට අලූත් ව්‍යාපාර ඇරඹිය හැකි ද? මේ අවුරුද්දේ රජය සිය ආයෝජන වශයෙන් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 361 කි. එය සියයට දහයක ආර්තික වර්ධනයක් පවත්වාගෙන යන්නට කෙසේවත් ප‍්‍රමාණවත් නැත. එසේ තිබිය දී රජය තව තවත් පුද්ගලික අංශයේ කළමණාකරණයට හා කොටස් පැවරීමට ලක්කළ ලංකා ෂෙල්, එයාර් ලංකා, ටෙලිකොම් වැනි ආයතන නැවත රජය ෂතු කර ගන්නට සූදානම්ව සිටී. මෙම ව්‍යවසාය තව දුරටත් රජයේ පාලනයෙන් බැහැරව පවත්වාගෙන යා හැකි නම් ඒවායේ යහපත් ව්‍යාපාරික ස්වභාවය නිසා රජයට බදු ඇතුලූ ආදායම් වැඩි කර ගත හැකි අතර මහජනතාවට ඒ බදු වලින් සේවයක් සැලසිය හැකිවේ. උදාහරණයක් ලෙස මේ වනවිට රජය රුපියල් බිලියන 250 කට වඩා සුබසාධන කටයුතු සඳහා වාර්ශිකව වැය කරයි. මෙයින් රුපියල් බිලියන 45 ක් පමණ වැය වන්නේ රාජ්‍ය ආයතන පාඩු පියවන්නටය. මහජනතාවට සහන දෙන බව කියමින් අලාබ ලබන සංස්ථාවලට මහජන මුදල් අය වැය හරහා පොම්ප කිරීම ඕනෑම ආණ්ඩුවක හොඳහිත පෙන්වීමක් ලෙස දැකිය හැකිද? ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව මේ වසරේ රුපියල් බිලියන 12 ක පමණ අලාභයක් අපේක්ෂා කරයි. කිසිදා ගුවන් ගමනක නොයෙදෙන ගැමියන් පවා සීනි හා පරිප්පු බදු හරහා මෙම ගුවන් සේවාව නඩත්තු කිරීම යුක්ති සහගතද?

දුම්රිය හෝ ලංගම හෝ විදුලිය බල මණ්ඩලය හෝ නිසි පරිදි කළමණාකරණය කරන්නට ආණ්ඩුවකට හැකි විය යුතුය. එම ආයතන පාඩු ලබමින් මහජනතාවට සහන මිලට සේවා සපයන බව කිසිවෙකු කියන්නේ නම් එය මහා අසත්‍යයකි. අඩු මිලට දෙන්නට ආණ්ඩුවෙන් සහන ලබනවා පමණක් නොව ආණ්ඩුව මහජනතාවගෙන් බදු අයකර මේ ආයතන වලට ගෙවමින් මුල්‍ය කේෂේත‍්‍රයේ ව්‍යාකූල තත්ත්වයකුත් ඇති කරයි ඒ බව අවබෝධ කර ගත යුතුය. මේ හෙයින් රටේ ආර්ථිකය නංවන නිසි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළ යුතු කාලය එළැඹ තිබේ.

යුද්ධයෙන් රට ගලවා ගැනීම ගැන මහජනතාව තුළ ඇත්තේ අසීමිත තෘප්තියකි. එනමුත් මෙම සතුට වැඩි කළක් පවතින්නේ නැත. ආන්ඩුවේ කි‍්‍රයාකාරීත්වය නිසා රුකියා නොලැබෙන විට, බාණ්ඩ මිල අඩු නොවෙන විට, වැඩි වැටුප් නොලැබෙන විට හා සහන සලසන්නට බදු නංවන විට ආණ්ඩුවට එරෙහිව පළමුවෙන් නැගිටින්නේ ද මේ මහජනතාවමය.
මේ වසර ගෙවී යනආකාරය දෙස බලන විට ඉක්මනින් ආර්ථික ප‍්‍රතිපත්ති සම්බන්ධව ධුරදර්ශී නොවුනහොත් ඉදිරි වසර කිහිපය තුළ එහි අනිටු විපාක වලට මුහුණ දෙන්නට සිදුවෙයි. දැනට රජයේ ණය බර රුපියල් ටිලියන හතර ඉක්මවා තිබේ. දේශීය ණය ගැනීම් අඩු කර පොලී අනුපාත පහත දැමීමෙන් තාවකාලිකව මෙරට උද්ධමනය පාලනය කර තිබේ. 1998 වසරේ පැවති සියයට 26 ඉක්මවූ උද්ධමනය අනුව බලන විට මේ වසරේ පවතින සියයට 5 ක පමණ උද්ධමන අනුපාතිකය රටට විශාල අවස්ථාවකි. මෙම අඩු උද්ධමනය මත දේශීය සුලූ ව්‍යාපාර ආරම්භ කිරීම වැදගත්ය. දැනට මිලියනයකට වැඩි රාජ්‍ය සේවයේ රුපියල් දෙදහසක වැටුප් වැඩි කරන්නට රුපියල් බිලියන දෙකක් සොයා ගන්නට අමාරු වී ඇති ආණ්ඩුවක් තව තවත් රජයේ රුකියා දෙන්නේ කෙසේද? ඒ වෙනුවට විකල්පය විය යුත්තේ හැකිතාක් ස්වයං රුකියා, සේවා හා ව්‍යාපාර බිහි වන්නට දිරි දීමයි. එවිට මෙරට කෘෂි හා වෙනත් නිෂ්පාදන වැඩිවීමක් වනු ඇත. දැනට කරන ආනයන සෑහෙන තරමකින් අඩු කර ගත හැකිවෙයි.

මේ වසරේ පළමු මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,113 ක භාණ්ඩ හා සේවාවන් මෙරටට ආනයනය කර ඇත. මෙරට අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 697.4 ක් පමණකි. මේ අනුව ආනයන හා අපනයන අතර පරතරය 2008-09 කාලයේ දී පැවති සියයට 60 ක පමණ හි`ගය දැන් සියයට 108 දක්වා වර්ධනය වී තිබේ. මෙයින් සිදුවිය හැක්කේ රටේ ආදායම අඩුවීමයි. විනිමය හි`ග වෙන විට යළි රුපියලේ අගය අඩු කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොන්දේසි වලට ණය ගැනීමටති සිදුවනු ඇත. 1992 වසරේ මෙන්ම 2009 දීත් රජය කොන්දේසි රාමුවක් ඇතුලත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විදේශ වත්කම් ලබා ගත් අතර ඒ පිළිවෙතට යළිත් අවතීර්ණ වීම යුතු නැත. රටේ ආනයන හා අපනයන අතර පරතරය වැඩි වීම එයට ඉඩ සලසයි.

මේ අවස්ථාවේ දී රජය කළ යුත්තේ ඉදිරි වසර දහය සම්බන්ධ සවිස්තරාත්මක ආර්ථික ඉලක්කයක් ප‍්‍රකාශයට පත්කිරීමයි. රටට දේශපාලන ස්ථාවරත්වයක් තිබේ. ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයක් නැත. සමාජ ස්ථාවරත්වය ඇති වෙමින් තිබේ. ආර්ථීකය ස්ථාවර කර ගැනීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගත යුතුය. සැලසුමකට වඩා එය කි‍්‍රයාත්මක න්‍යාය පත‍්‍රයක් නම් වැදගත්ය. එහි දී ඉදිරි වසර දහය තුළ රජයේ බදු ප‍්‍රතිපත්ති, මූල්‍ය ප‍්‍රතිපත්ති, ආයෝජකයන්ට ලබා දෙන සහන හා ඒ සම්බන්ධව ඇති නීති රීති කෙරෙහි නව දැක්මක් අනාවරණය කළ යුතුය. ආකල්පමය වශයෙන් වෙනස් අන්දමකින් බලා අලූත් සංශෝධන ගෙන ආ යුතුය. ජාත්‍යන්තර ආයෝජකයන් හා ප‍්‍රධාන පෙලේ සමාගම් ශ‍්‍රී ලංකාවේ ඇති වාතාවරණය අනුව මෙරටට පැමිණ කලාපයේ රටවල් වෙළ`ද පොලක් සේ සලකා නිෂ්පාදනය කරන කර්මාන්ත ඇති කිරීමට ඉඩ දිය යුතුය. මේ වෙනුවෙන් වෙනම ආර්ථික කලාප ඇති කළ හැකිය. දැනට කර්මාන්ත විහිදී නැති නැගෙනහිර, ඌව හා සබරගමුව වැනි පලාත් කෙරෙහි මේ මගින් සංවර්ධනය කළ හැකි වනු ඇත.

මෙම වෙනස්කම් වෙනුවෙන් තීන්දු ගැනීම පහසු නැත. ආර්ථීක ප‍්‍රතිසංස්කරණ ගැන මහජනතාවට ඇත්තේ විමතියකි. වාහන බදු අඩු කරන විට එයට එරෙහි වූ නමුත් පරණ වාහන වෙනුවට අලූත් වාහන රටට එන විට හා වාහන වැඩි වැඩියෙන් ආනයනය නිසා රටට වැඩි ආදායමක් බදු වශයෙන් ලැබුණ බව අවබෝධ කරගැනීම වැදගත්ය. වෙනස් දෙයක්කරන විට මහජනතාව හා විරුද්ධ දේශපාලන පක්ෂ එයට එරෙහි වෙයි. මේ නිසා ආර්ථිකය සම්බන්ධව වුවත් අලූත් ප‍්‍රතිපත්ති හා වෙනස්කම් ඇතිවන විට විරෝධතා ඇතිවිය හැකිය. ඒවාට අවනත වී මේ සියයට පහක ආර්ථික සංවර්ධන වේගයේ දිගටම ගමන් කිරීම එකකි. එවිට ජනප‍්‍රිය නායකයෙකු විය හැකිය. එහෙත් අනාගතයේ මහජනතාව ගරු කරන්නේ ඔවුන්ගේ දරුවන්ට යහපත් ආර්ථිකයක් ගොඩනගා ඇති බව තේරුම් ගැනීමෙන් පසුවය.

ගාමිණී සරත් ගොඩකන්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න